දිට්වා සුළි කුණාටුයෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ සම්පූර්ණ වාර්තාවක් සම්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා නීතිඥ ශානිකා මලල්ගොඩ පැවසුවාය.
අදාළ නීතිමය ක්‍රියාවලිය පැහැදිලි කරමින් නීතිඥ මලල්ගොඩ අවධාරණය කළේ, සමීප ඥාතීන් භාරකාරත්වය පතා ඉදිරිපත් වුව ද, විධිමත් නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණක් භාරකාරත්වය ලබා දෙන බවයි.
“දත්ත රැස් කිරීමේ ඒකාබද්ධ උත්සාහයක් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇත.” ඇය වැඩි දුරටත් පැවසුවාය.











