පවුල් 23,041කට අයත් පුද්ගලයින් 72,911ක් තවමත් රැකවරණ මධ්‍යස්ථානවල

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (14) දින පෙරවරු 06.00ට නිකුත් කරන ලද දෛනික තත්ත්ව වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643ක් සහ අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 184ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට පවුල් 391,401කට අයත් පුද්ගලයින් 13,64, 481ක් පීඩාවට පත්ව ඇති බවත් ආරක්ෂිත මධ්‍යස්ථාන 796ක පවුල් 23,041කට අයත් පුද්ගලයින් 72,911ක් රැකවරණය ලබන බවත් අදාළ වාර්තාව පවසයි.

සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 6164ක් වන අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 112,110ක් බවත් අදාළ වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website