රියදුරු බලපත්‍ර 700,000 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමෙන් පසු අදාළ මුද්‍රණ කටයුතු මේ වන විටආරම්භ කර ඇති බවත්, මාස හයකට අඩු කාලයක් තුළ අදාළ මුද්‍රණ කටයුතු අවසන් කරන බවත් ඔහු පැවසුවේය.








