
දිට්වා සුළි කුණාටුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන කඩිනමින් නැවත අරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වන IRFP Industry Recovery Foster Program හා එම කර්මාන්ත සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළ වන IDFP Industry Development Foster Program පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (11) කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවත් වුණේය.
මෙම ක්‍රියාමාර්ගය රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වන අතර ලංකාවේ පුමුඛ පෙළේ ආයතන 10ක් විධායක අධ්‍යක්ෂකවරු හා ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වූහ. මේ සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිෂ්පාදන, ඉංජිනේරු, හා ප්‍රවාහන හැකියාවන් සහිත ආයතන වලට ප්‍රමුඛත්වය ලබාදුන්නේය.
මෙහිදී බිඳවැටුණ මහා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ සහාය මෙම ආයතන විසින් ලබාදීමට නියමිතය. මෙම සමස්ථ ක්‍රියාවලියේ ගොඩනැගීමේ වැඩසටහන ඉදිරි දින 30 ඇතුළත ක්‍රියාත්මක වන අතර එහි මෙහෙයුම් කමිටුව එලඹෙන සතියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා Toyota Lanka, Tokyo Cement, MAS Holdings, Brandix Lanka, Aitken Spences, Expo Lanka Holdings, John Keels Holdings, Ceylon Agro Industries, The Disel and Motors Engineering, Unliver Srianka ආයතන වල සභාපතිවරු සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















