වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආපදා හේතුවෙන් වර්ධනය වන අවදානම් තත්ත්ත්ව කිසිවක් වාර්තා නොවන නමුත් මෝසම් වර්ෂාව සමඟ ඩෙංගු සහ මී උණ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත වෛද්‍ය අසංග වෙදමුල්ල මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාණයේ පැවති ‘මෝසම් පෙර සුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන’ නම් වැඩසටහනේදීය.












