බිත්තර මිල තවත් සති දෙක තුනකින් පහළට – ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

ඉදිරි සති දෙක තුන තුළ බිතත්ර මිල ඉහළ යාම අඩුවනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පැවසුවේය.

පසුගිය ගංවතුර හේතුවෙන් බිත්තර දැමූ කිකිළියන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක් විනාශ වූ බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන් බැහැර කළ ඔහු ගංවතුරෙන් සමස්ත කුකුළු ගොවිපොළවලින් ආසන්න වශයෙන් 2-3%ක් හානියට පත් වූ බව පිළිගත්තේය. කුකුළු ගොවිපොළ කර්මාන්තයට යම් බලපෑමක් සිදු වුණ ද එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු කීවේය.

මිල ඉහළ යාමට සහ නිෂ්පාදනය පහත වැටීමට සැබෑ හේතුව සතියක් පමණ කිකිළියන්ට ආහාර සහ ඖෂධ සැපයීම තාවකාලිකව අඩාල වීම බව ඔහු පැහැදිලි කළේය. ගංවතුරෙන් යට වූ මාර්ග කල්මුනේ සහ මඩකලපුව වැනි ප්‍රදේශවලින් සහල් කුඩු ප්‍රවාහනයට බාධා කර ඇති අතර, වී මෝල් සහ සත්ව ආහාර ගබඩාවලට හානි වීම නිසා අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති වී තිබෙන බව ඔඅලහකොන් මහතා පැවසුවේය.

සතියක් නිසි පෝෂණයක් නොමැතිකම හේතුවෙන් කිකිළියන්ගේ බිත්තර දැමීමේ චක්‍රයට තාවකාලිකව බලපෑම් එල්ල වූ නමුත් නිෂ්පාදනය දැන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අලහකෝන්  මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website