මහවැලි බලධාරීන් ‘කොත්මලේ ජලාශය’ ගැන වැදගත් තීන්දු කිහිපයක් ප්‍රකාශයට පත් කරයි

කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම ජනතාව දැනුවත් කිරීමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කටකතා අසත්‍ය බවත්, විද්‍යාත්මක දත්ත මත පදනම්ව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කොත්මලේ ජලාශයභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බව ද හේරත් මහතා වැඩි දුරටත් පැවසුවේය

ප්‍රධාන මාර්ග අවහිර වී ඇති බැවින් ජලාශ වේල්ල මඟින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති බවත්, ඊයේ සිට ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරීමට අවසර දෙන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website