06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කිරීම සහ අභියාචනා කැඳවීමේ කාලය දැනුම් දීම.

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීම 2025.11.26 දින ආරම්භ කරන ලදි. මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව 2025.12.05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණ ද පවතින ආපදා තත්වය හමුවේ එම දිනය 2025.12.12 ලෙස සංශෝධනය කරන බව දන්වා සිටිමු.

තවද, 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව දන්වා සිටිමි.

2026-.06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website