
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල නිවේදනය
වැසි තත්ත්වය: පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කළුතර සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: කළුතර සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය සිට මද වශයෙන් රළු වේ.












