ඔබේ කර්මාන්ත ශාලාව ගංවතුරෙන් යට වුණාද ? : ඔබ කළ යුතු නිවැරදිම දේ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති කියා දෙයි

Chathuranga Abey (@Chathurangaab) / Posts / X
ඔබේ කර්මාන්ත ශාලාව ගංවතුරෙන් යට වුණාද ? එහෙනම් දැන් අපි මොකක්ද කරන්න ඕනේ.
⭕️ මුලින්ම ඔබේ සේවකයන්ගේ ආරක්ෂාව හා ජීවිත ගැන අවධානය දෙන්න.
⭕️ ඔබේ කර්මාන්තයට සිදුවූ හානියේ ස්වභාවය පිළිබඳ කර්මාන්ත අමාත්යාංශයේ SEDD, NEDA, IDB හෝ EDB නිලධාරීන් වෙත දැණුම් දෙන්න. සෘජුව අමාත්යාංශය දැනුවත් කල හැකී
⭕️ ඔබේ රක්ෂණ ආයතනය වහාම දැණුවත් කරන්න
⭕️ ඔබේ බැංකුව වහාම දැණුවත් කරන්න
⭕️ ඔබේ ව්යාපාරය පිළිබඳ EPF/ETF හා IRD ලිඛිතව දැනුවත් කරන්න
⭕️ රජයෙන් දැන්ට යෝජනා වී ඇති ප්රතිපාදනය වන රු 200,000 ලබාගැනීම සදහා අවශ්ය සහය නිලධාරීන්ට ලබාදෙන්න
⭕️ ව්යාපායේ සමස්ථ හානිය ස්වයං දල තක්සේරුව ලේඛණ්ගත කරන්න
⭕️ ව්යාපාරය කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්ය සැළැස්මක් සකස් කරගන්න
⭕️ යන්ත්ර සූත්ර, ගොඩනැගිලි හා තොග පිළිබඳ හානි සංවිදිත පිළිගත හැකි ඇස්තමේන්තු සකස් කිරීමට අවශ්ය පියවර ගන්න
⭕️ ගොඩනැගිලි හානිය නිසි ඇස්තමේන්තු සමඟ රු මිලියන 5 දක්වා ලබාගත හැකි නිසා අවශ්ය තොරතුරු රැස්කරගන්න
⭕️ ඔබගේ සැපයුම් දාමයේ ව්යාපාර පිළිබඳ මෙලෙසම අවධානය දෙන්න
මේ ඕනෑම කාර්යකයට කර්මාන්ත අමාත්යාංශයේ අප සියලුම දෙනා ඔබ හා ශක්තිමත්ව සිටගන්නවා.
චතුරංග අබේසිංහ  – කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සිය facebook ගිනුමේ තබා තිබූ සම්පූර්ණ සටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website