කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම ගැන නිල නිවේදනයක්

දිට්වා සුළි කුණාටුවත් සම ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී.ආර්. වීරකෝන් මහතා නිකුත් කළ නිවේදනයක සහන් වෙයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටුතු අමාත්‍යාංශයේ ලේකම්, සියලුම දිසාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ගැටලුව කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි හුරුළුවැව, රඹකැන් ඔය හා ආශ්‍රිත කුඹුරුවල තැන්පත් වී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් මෙලෙස ඉවත් කිරීමට අනුමැතිය ලබා දී ඇති බව ද එම නිවේදන‌යේ සඳහන් වෙයි.

වගා ඉඩම් හෝ ඉඩමේ හිමිකරුගේ ඉඩමේ හෝ ගොඩ ඉඩම වෙත හෝ අනුමැතිය ලත් වෙනත් භූමියකට සැහැල්ලු ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ ප්‍රවාහනය කර අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට හැකි අයුරින් නැවත එම ඉඩම් සකස් කර ගත හැකි බවත් මෙම ලිපියේ දන්වා ඇත.

මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වගා බිම් තුළ එකතුව ඇති වැලි හා වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සිදුකර එම වගා භූමියේම කොටසක ගබඩා කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කාර්යාංශය ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවන් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇත.

ඉදිරියේදී එම ස්ථාන වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා නිසි අවසරය අදාළ කාර්යාංශය මගින් ලබා ගත යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website