මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න – ජනපතිගෙන් බලධාරීන්ට නියෝග

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ස්ථීර ලෙස වාරිමාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන තුරු තාවකාලික ජල සැපයුම් ලබා දෙන ලෙස වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස් දුන් ජනපතිවරයා ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු යැයි ද ගොවිජනතාවට කීවේය.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබා දීමට ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (07) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මෙම සිකුරාදාට පෙර ඉදිරිපත් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ  වන්දි මුදල් සාධාරණ ලෙස  ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලි සහ ජල සැපයුම, වාරිමාර්ග, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් අදාළ ආයතන වෙතින් කරුණු විමසීය.

අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විමසු අතර මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම් කඩිනම් කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website