දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website