
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (04) ප්රු 07.30ට නිකුත් කරන ලද නිල නිවේදනය අනුව නායයෑමේ පැවැතිය හැකි ප්රදේශ සම්බන්ධ නව යාවත්කාලීන කිරීමක් කර ඇත.
ඒ අනුව මහ නුවර, කෑගල්ල (රුවන්වැල්ල, දැරණියගල සහ දෙහිඔ්විට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හැර), කුරුණෑගල මාතලේ යන දිස්ත්රික්ක සදහා (අදියර 03) ඉවත් වීමේ රතු නිකුත් කර ඇති අතර බදුල්ල දිස්ත්රික්කය සහ කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, දැරණියගල සහ දෙහිඔ්විට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා (අදියර 02) අවදානය නිවේදන නිකුත් කර ඇත.
එසේම කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්රා.ලේ. කොට්ඨාශ දෙක, ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්රා.ලේ කොට්ටාශය දෙක, ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම, අත්තනගල්ල සහ දිවුලපිටිය ප්රා.ලේ. කොට්ඨාශය තුන සහ කලුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය සහ හොරණ ප්රා.ලේ. කොට්ඨාශය තුන සදහා අදියර 01, විමසිලිමත් (කහ) නිවේදන නිකුත් කර ඇත.











