PL හයවැන්නේ දින ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් හයවැනි LPL තරගාවලිය ලබන 2026 වසරේ ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඉදිරි 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ කල්තියා සූදානම් කිරීමේ පුළුල් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පූර්ව සැලසුම අනුව 2025 වසරේ දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් පියවර ගනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ජාත්‍යන්තර රසයෙන් යුක්තව පවත්වනු ලබන දේශීය විස්සයි-20 තරගාවලිය පෙර පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website