පාර්ලිමේන්තුව හෙට රැස් නොවේ – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

  • නැවත දෙසැම්බර් 3 සහ 5 රැස්වීමටත් තීරණයක්
  • අද (01) පාර්ලිමේන්තු රැස්වීම පෙ.ව 11.00 දක්වා සීමා වෙයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (02) පාර්ලිමේන්තුව රැස් නොවීමටත් නැවත අනිද්දා (03) සහ 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත්   පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආචාර්ය හරිනි අමසූරිය අග්‍රමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන්  අද (01)  පැවති   පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අතර අද පාර්ලමේන්තු රැස්වීම ප.ව 12.30 දක්වා පමණක් පැවත්වීමටත් අදට නියමිත අමාත්‍යාංශ හතරේ වැය ශීර්ෂ ප.ව 12.30 ට සම්මත කිරීමටත් මෙහිදී තීරණය වූ අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිය විරෝධය සටහන් කරගන්නා ලෙස දන්වන ලදී. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ අද දින වැඩ කටයුතු පෙ.ව 11.00ට පමණ අවසන් වූ අතර ඒ අනුව  2025.12.03 දින පෙ.ව 9.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට  නියමිතව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website