හානියට පත් නිවාසවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු හානියට පත් වූ  නිවාසවලට නැවත නො යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා දැනුම් දෙයි.

ඒ අනුව දැඩි අනාරක්ෂිත තත්ත්වයෙහි සිටින ජනතාව තවදුරටත් සහන කඳවුරුවලම රැදී සිටින ලෙස ද ඔහු අවධාරණය කරයි.

මේ වන විට දිස්ත්‍රික් හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ද සේනාධීර මහතා පැවසුවේය.

පසුගිය දින කිහිපය පුරා වර්ෂාව අධිකව ලැබුණු සෑම ස්ථානයක්ම ජලයෙන් සංතෘප්ත වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දී වුව ද නායයෑමක්, ගල් පෙරළීමක් හෝ පස් කණ්ඩි කඩා වැටීමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website