ජාතික ආපදා මධ්‍යස්ථානය විසින් අද (30) දින පස්වරු 12.00ට නිකුත් කළ නිල වාර්තාව අනුව දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 193 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයින් 228 දෙනකු අතුරුදන්ව ඇත. පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් විපතට පත්ව ඇති අතර පවුල් 40,005ක් සහන සේවා මධ්‍යස්ථානවලට යොමු කර ඇත.
මේ දක්වා වැඩිම මරණ සංඛ්‍යාවක් (71) බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්ත වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 52ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇත.
පොළෙන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 105 දෙනකු, බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 53 දෙනකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24 දෙනකු, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27 දෙනකු අතරුදන් වූවෝ අතර සිටිති.












