වැලිමඩ, මැල්සිරිපුර සහ මාවනැල්ල කෝවිල් කන්දේ නායයාම් වලින් 05ක් මරුට -17ක් අතරුදන්

ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන් වී තිබේ.

යුද හමුදා කඩිනම් මෙහෙයුම් මෙම ස්ථානයට පැමිණ සිරවී සිටි මෙක්සිකානු සහ ආර්ජන්ටිනා විදෙස් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.

මේ අතර මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිළිඳියක් ඇතුළු 5 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 09 දෙනකු අතුරුදන්ව ඇත.

ඊයේ (29) රාත්‍රියේ මෙම නායයාම වාර්තා වූ බවත් තවත් ප්‍රදේශ අනතුරුදායක තත්ත්වයක පවතින බවත් මැල්සිරිපුර පොලිසිය පවසයි.

මේ අතර ඊයේ රාත්‍රියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති අතර  සිද්ධියෙන් පුද්ගලයින් 04 දෙනකු අතුරදන්ව ඇතැයි මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website