නොවැම්බර් මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කෙරේ.

Sri Lanka Weather Map

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 30 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ නිවේදනය

“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට 130 km ක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුල ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් මස 30) සිට අපේක්ෂා කෙරේ.

උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැක.

තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website