ආපදාවට පත් කාන්තාවන් සහ දරුවන් පිළිබඳව දැනුම්දීමට 1938 සහ 1929 යන ගාස්තු රහිත දුරකථන අංක දෙක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.
කාන්තාවන් පිළිබඳ තොරතුරු 1938 අංකය වෙතත්, දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ලබා දිය හැකි බව අමාත්‍යාංශය පවසයි.
මෙම දුරකථන අංක දෙක සේවාව ගාස්තු රහිතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂා යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු දැනුම් දිය හැකි බව ද අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.














