කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 29 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ නිවේදනය
“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින් , අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර නොවැම්බර් මස 30 වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.















