දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇත. මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම් දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.











