පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධිය: වාලච්චේන ප්‍රා.ස. සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප

අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වූ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වා ගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුළු සෙසු සැකකරුවන් පස් දෙනකු මෙසේ ශරීර ඇප මත මුදා හැරුණේය.

මෙම නඩුව විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවරු සවි කිරීමේදී පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසත් ගලවන ලද නාමපුවරු දෙපාර්ශ්වය සාකච්ඡා කර දෙසැම්බර් මස 15 වැනි දින වන විට සවිකරන ලෙසත් නියෝග කළේය.

නඩුව එළැඹෙන 15 වැනි දින යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website