හිටපු SLBFE සභාපති මොහොමඩ් හිල්මි රිමාන්ඩ්

මූල්‍ය අවභාවිත චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) හිටපු සභාපති මොහොමඩ් හිල්මි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හිටපු SLBFE සභාපතිවරයා දෙසැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 

අල්ලස් කොමිසමට අනුව, 2024 දී ඔහු සභාපති ධුරය දැරූ කාලය තුළ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුව ලබා දීම සඳහා ආයතනයක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී JSF හෝල්ඩින් නම් ආයතනයකට අසාධාරණ ලෙස ලංසුවක් ඉදිරිපත් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. මෙමඟින් එම ආයතනයට රුපියල් මිලියන 05 කට අධික රජයේ අරමුදල් අනිසි ලෙස ගෙවීමට පහසුකම් සැලසුණු බව කොමිසම පැවසීය

මෙම සිද්ධියට අදාළව මෙම කාර්යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇපමත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දී ඇති බවත් ඔහු විමර්ශන කටයුතුවලට බාධා සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසුවේය.

සැකකරුට ඇප නියම කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website