බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ප්‍රවාහන ඇමැති බිමල්ගේ මූලිකත්වයෙන් ඇරඹෙයි

බැංකු කාඩ්පත් මින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

මාකුඹුර – මාතර, මාකුඹුර – ගාල්ල, මාකුඹුර – බදුල්ල, කොළඹ – අම්පාර යන අධිවේගී බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද දින හඳුන්වා දෙනු ලැබීය.

හෙට (25) දිනයේදී කොළඹ – වව්නියාව, කඩවත මහරගම, මාකුඹුර – තංගල්ල සහ මාකුඹුර – අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම ක්‍රමය හඳුන්වා දීමට නියමිතය.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ අද දිනයේ දී මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල – කඩවත, දක්වා මෙන්ම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල – බණ්ඩාරවෙල, දඹුල්ල – මහියංගනය, මොනරාගල – බිබිල සහ මොනරාගල – වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවය.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ. කාඩ්පත් මගින් බස්ගාස්තු ගෙවීම් වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website