පහළ කඩුගන්නාව නාය යෑම: ගනේතැන්න ප්‍රදේශය නැවත දැනුම් දෙන තුරු වසා දමයි

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) උදෑසන පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශය  නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා පවසයි.

ප්‍රදේශයේ තත්ත්වය අතිෂය අවදානම් බව කී දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

“ජනතාවට ඒ කට අපි කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ප්‍රදේශයේ තත්ත්වය ඉතාම අවදානම්. අපි පොලිසියට දැනුම් දීමක් කරලා තිබෙනවා එසේ පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන්න කියලා” දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ මේ වන විටත් තද වැසි ඇද හැලෙමින් පවතින තත්ත්වය හමුවේ දැනට ගැළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website