මෙවර අය-වැය යෝජනාවලින් සියයට 50ක්වත් ඉටු කර පෙන්වන ලෙස නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ආණ්ඩුවට අභියෝග කළේය.
අයවැය දෙවැනි වර කියවීමේ දී විවාදයේ දී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය, “එදා අපි අධිවේගී මාර්ග හදන විට ඔබ විරුද්ධ වුණා. අද ඔවුන් අධිවේගය හදනවාලු. අනේ හොඳයි. හදන්න. එදා ඔයාලා විරුද්ධ වුණේ නැත්නම් අද වන විට මේ අධිවේගී මාර්ග හදලා ඉවරයි. එදා පෝට් සිටි එක හදන විට සීගිරියත් කඩන්න වෙයි කියලා කීවා. හැබැයි සීගිරිය කැඩුවේ නැහැ. අදටත් තිබෙනවා. අද වන විට පෝට් සිටිය මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වෙනවා. රටේ ගිණුමේ ට්‍රිලියනයක් තිබෙනවාලු. එහෙම තියෙනවා නම් උක් ගොවියාට, අල ගොවියාට, ලූනු ගොවියාට සහන නොදෙන්නේ ඇයි ?. පොලී ගෙව ගෙවා ට්‍රිලියනයක් ගිණුමේ තියාගෙන ඉන්නවා. ඒකෙන් හම්බ වෙන්නෙත් බිලියන 150 යිලු. ඒක ගන්න දුප්පත් මනුස්සයාගේ සල්ලි ටික ගිණුමේ දාගෙන ඉන්නවා.
ඩබල්කැ බ්ම එක්දහස් ගණනක් ගෙන්නන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා. බේත් ගේන්න ඒවාට මේවාට සල්ලි නැහැ කියනවා. නමුත් කැබ් ගේන්න සල්ලි තියෙනවා. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එක අයින් කරනවා කියා බලයට පත්වුණේ. නමුත් අද වන විට අයි.එම්.එෆ්. එකට ඉතාම පක්ෂපාතීව කටයුතු කරනවා. ආණ්ඩුව පොහොසත්. මිනිස්සු දුප්පත්. වතු කම්කරුවාගේ පඩි වැඩි කරන්න ඕනෑ. වතු කම්කරුවාගේ පඩි වැඩි කරන්න ව්‍යාපාරිකයාට ආණ්ඩුවෙන් ගෙවනවා. මේවා මාර අමුතු න්‍යායන්. ආයෝජකයන් රටට ගෙන්නා ගන්න. ඔවුන්ට ඉඩම් දෙන විට අපි විරුද්ධ වෙන්නේ නැහැ. දුප්පතාගේ පොකට් එකට ගහලා පොහොසතාට සහන දෙන වැඩපිළිවෙළ නවත්වන්න“











