ශ්‍රී ලංකා පිල නොවැම්බර් 08 වැනිදා පාකිස්තානය

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් මෙම තරගාවලිය ආරම්භ වේ. එහි පළමු තරගය නොවැම්බර් මස 11 වැනිදාද දෙවැන්න නොවැම්බර් 13 සහ තෙවැන්න නොවැම්බර් මස 15 වැනිදාද පැවැත්වෙනු ඇත. එම තරග තුනම රාවල්පිණ්ඩිහිදී පැවැත්වේ.

අනතුරුව පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර පාකිස්තානයට අමතරව ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රතිවාදීන් බවට පත්ව සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩඩායම වේ. මූලික වටටය යටතේ ශ්‍රී ලංකාව තරග 4 කට සහභාගිවීමට නියමිත අතර නොවැම්බර් 19, 22, 25 සහ 27 යන දිනවලදී එම තරග පැවැත්වෙනු ඇත. මෙහි  පළමු තරගය පමණක් රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළු ශ්‍රී ලංකාව තරග වදින අනෙක් තරග 3 ම ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය

  • නොවැම්බර් 11 – පළමු එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 13 – දෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 15 – තෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී

විස්සයි-20 තුන්කොන් තරගාවලිය

  • නොවැම්බර් 19 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
  • නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 25 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හිදී
  • නොවැම්බර් 29 – අවසන් මහ තරගය ලාහෝර්හිදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website