ශ්‍රී ලංකාවේ වැසිකිළි භාවිතය ගැන අලුත්ම දත්ත මෙන්න !

ශ්‍රී ලංකාවේ පවුල් 13,000කට අධික සංඛ්‍යාවක් හෙවත් සමස්ත නිවාසවලින් 0.2%ක් විවෘත ප්‍රදේශවල මළපහ කිරීම දිගටම කරගෙන යන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ 2024 ජන හා නිවාස සංගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නිවාස මිලියන 6.1ක් පවතින බවත් එම නිවාසවලින් 92.2% කට පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් ඇති බවත් සඳහන් කරන වාර්තාව සමස්ත නිවාස වලින් 5.8% ක් අනෙකුත් පවුල් සමඟ වැසිකිළි බෙදා ගන්නා බවත් සඳහන් කරයි. පොදු වැසිකිළි භාවිතා කරන පවුල් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය පොදු වැසිකිළි භාවිතයේ ඉහළම අනුපාතය පෙන්නුම් කරන බව ද ජන සංගණන වාර්තාව වැඩි දුරටත් හෙළිකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website