නීතිඥ තාමරා අබේරත්න රඳවා තබා ගැනීම සඳහා PTA යොදා ගැනීම ගැන නීතිඥ සංගමයේ දැඩි අවධානය

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීවගේ ඝාතකයාට ආධාර කිරීම සහ අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තාමරා අබේරත්න රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය සති අන්තයේ දී සාකච්ඡා කළ බව නීතිඥ සංගමයේ ඉහළ නිලධාරියෙක් සහන් කළේය.

තමරා අබේරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකාවක වන අතර 2022 මාර්තු මාසයේදී BMICH හි ඕකිඩ් හි පැවති ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ 59 වන වාර්ෂික මහා සභා රැස්වීමේ විධායක කමිටුවට ඇය සහභාගී වූ බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිදු අවස්ථාවක සැකකාරිය වෙනුවෙන් පෙනී නොසිටින නමුත් ඇයට තමන්ගේම නීතිඥවරයෙකුගේ සහාය ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ.

නීතිඥවරියට අදාළ නඩුව හොඳින් නිරීක්ෂණය කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

යුද්ධය අවසන් වී දශක දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ත්‍රස්තවාදයට අදාළ නොවන නඩු සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර මෙම පනත අහෝසි කරන බවට වත්මන් රජය ප්‍රතිඥාවක් දී ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website