ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ එකට එකතු වී කටයුතු කළත් එකට එක්ව ඡන්දය ඉල්ලීමට තම පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්සත් විය යුතු බව ජනතාවගේ ද මතය බව කී සජබ මහ ලේකම්වරයා ඒ අනුව ඉදිරි පියවර සැලසුම් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරි සැලසුම් සිදුවන බවත් අවධාරණය කළේය. පක්ෂය පසුගිය දිනවල මුහුණ දුන් ගැටලු හේතුවෙන් එජාපය සමඟ පවත්වන සාකච්ඡාවල යම් ප්‍රමාදයක් සිදුව ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
භාතිය බරුකන්ද







