ජනමාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පරිදි “තෙවැනි ඇසට සුවය” නමින් විශේෂ අක්ෂි සායනයක් 2025 නොවැම්බර් 1වෙනිදා පෙ.ව 8.00 සිට ප.ව.1.00 දක්වා ජාතික අක්ෂි රෝහල් පරිශ්‍රයේදී එහි අධ්‍යක්ෂක වෛද්‍ය ටී.ඩබ්ලිව්.එම්.ඒ. ජයරුවන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එදින පෙ.ව 8.00ට නිරාහාරව පැමිණි මාධ්‍යවේදීන් සඳහා ‘Fasting Blood Sugar’ පරීක්ෂණයක් ද සිදු කර ගැනීමේ හැකියාවක් ඇති බව වාර්තා වෙන අතර එදින නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමක් ද සිදුකෙරේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යකරණයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන් සඳහා නිවැරදි දෘෂ්ටිය ඉතා වැදගත් බව පෙන්වා දීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර තිබේ.
වසුන්දරා
- Loading stock data...







