සිසුවියට ලිංගික අතවර කිරීමට විශ්වවිද්‍යාල ලිපිකරු උත්සාහ දරයි

සබරගමුව විශ්වවිද්යාලයේ සිසුවියකට අයුතු යෝජනාවක් කර ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන එම විශ්වවිද්යාලයේම ලිපිකරුවකු අත්අඩංගුවට ගත් බව සමනලවැව පොලිසිය පවසයි.

සිසුවිය සැකකරු පවත්වාගෙන යන නේවාසිකාගාරයක නැවතී සිට ඇති අතර පසුගිය 27 වැනිදා දින රාත්රියේ සැකකරු සිසුවියගේ කාමරය වෙත පැමිණ අයුතු යෝජනා කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කර ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් 28 වැනිදා සිසුවිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සමනලවැව පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඇම්.ඩී. ධර් මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website