බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවි ය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇම්.ඩී. ධර් මසිරි
ප්‍රදේශ කිහිපයකට වැසි සමග තද සුළං








