වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර් යාලය ප්රතිසංස්කරණය කඩිනමින් සිදු කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යංශය තීරණය කරයි.
විදේශ සංචාරකයින්ගේ ආකර් ෂණයට ලක්වී තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්රතිසංස්කරණ පිළිබඳව සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යංශයේදී පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබේ.
පසුගිය රජය සමයේ පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට අරමුණ වූ එම තැපැල් කාර් යාලය වත්මන් රජය තැපැල් කාර් යාල ගොඩනැගිල්ල එහි පරිශ්රය තැපැල් දෙපාර් තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කිරීමටත් සංචාරක ප්රවර් ධන ස්ථානයක් ලෙස පවත්වා ගෙන යෑමටත් තීරණය කරන ලදී.
තැපැල් කාර් යාල ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතුවලට අදාළ මූලික සැලසුම් සකස් කරමින් ඉතා කඩිනමින් ප්රතිසංස්කරණ කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ඇමැතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දෙන ලදී.
ඇම්.ඩී. ධර් මසිරි
- Loading stock data...







