යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන කෙටුම්පත ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ලෙස හුවමාරු කරගනු ලබන බව කියන කෙටුම්පත් ලේඛනය අමාත්‍යංශය හෝ ඊට අනුබද්ධ ආයතන විසින් නිකුත් කර හෝ අනුමත කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ල නාලක කලුවැව මහතා පවසයි.
ව්‍යාජ ලේඛනය සකස් කිරීම සහ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු අය හඳුනාගැනීමට පියවර ගනිමින් සිටින බවත්, ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.
ඇම්.ඩී. ධර්මසිරි









E-Paper