ලබන වසරේදි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා සියළු පක්ෂ ඒකරාශි කරගෙන නව සන්ධානයක් ගොඩනැගීම සඳහා එජප- සජබ හවුල ප්රධානත්වයෙන් සාකච්ඡා පැවැත්වි ගෙන යන අතර ඒ සන්ධානයට එකඟ නොවීමට සර්වජන බලය තින්දුකර ඇති බව ඒ පක්ෂයේ අරංචි මාර්ග ප්රකාශ කරයි.
අනාගතයේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සර්වජන බලය තනිවම තරඟ කිරීමට තීන්දු කර ඇතත් ඇතැම් දේශපාලන විචාරකයින් ප්රකාශ කරන්නේ එජාප-සජබ හැර අනෙකුත් පැරණි වාමාංශික පක්ෂ හවුල්කරගෙන වමේ සන්ධානයක් ලෙස මැතිවරණවලට තරඟ කිරීමට සර්වජනබලය පක්ෂය තීන්දු කරනු ඇති බවයි.
රංජිත් ජයසූරිය








