බටහිර රටවල් ඉරානයට සම්බාධක පැනවීම සඳහා පියවර ගැනීමෙන් උද්ගත වූ තත්ත්වය අනුව ඉරානය මේ වන විට ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්වලින් සහයෝගීතාවය ඉල්ලා ඇත. ලෝක යුද්ධ දෙකක තිත්ත අත්දැකීම් විඳ ඇති බැවින් නැවත ලෝක යුද්ධයක රටවල් වල යුද උපායන් සහයෝගීතාවයෙන් පරාජය කළ යුතු බවට අවධාරණය කළ ඉරාන විදේශ ඇමති අබ්බාස් අරන්චි සාම සහයෝගීතාවයේ දෑත මුළු ලොව වෙතම දිගු කරන බව පවසා ඇත.
රංජිත් ජයසූරිය







