TikTok ළමයින්ට අසභ්‍ය දර්ශන යවලා

මානව හිමිකම් ක්රියාකාරීන් කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව, TikTokහි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව අනාවරණය වී තිබෙන්නේ යැයි බීබීසිය වාර්තා කරයි.
බීබීසීය පළකර තිබෙන එම මාධ්ය වාර්තාවට අනුව පර්යේෂකයින් ව්යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්රිය කර තිබියදීත්, අසභ්ය ලිංගික සෙවුම් යෝජනා (sexually explicit search suggestions) ලැබී තිබෙන බව සඳහන්.
මේ පිළිබඳව ටික්ටොක් සමාජ මාධ්ය වේදිකාව පවසන්නේ කුමක්ද යන්න වාර්තා කරන එම බීබීසී වාර්තාව ප්රකාශ කරන්නේ, ඔවුන් ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින බව සහ ගැටලුව දැන ගත් වහා ම අවශ්ය පියවර ගත් බව ප්රකාශ කළ බවය.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website