පොලිසියේ නාමය අපකීර්තියට පත් කරමින් ව්දෙස්ගත මත්ද්රව්ය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පවත්වමින් මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පොලිස් සැරයන් වරයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් 30ස් වනදා උදෑසන කඩවත ඇල්දෙණිය ප්රදේශයේ නිවසක් වටලා අත් අඩංගුවට ගෙන ඇත.
විදේශ ගතව සිට මෙරට මත්ද්රව්ය ජාලය හසුරුවන මහාපරිමාණ මත්ද්රව්ය ජාවාරම් කරුවෙකු වන ඩුබායි රසල් නැමති මත්ද්රව්ය ජාවාරම් කරුගේ සමීපතම ගෝලයෙකු ලෙස හදුනාගෙන,ඇති මෙම පොලිස් සැරයන් වරයා අත් අඩංගුවට පත් වනවිට උඩප්පුව පොලිසියට අනුයුක්තව සේවය කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අතපත්තු හේරත් මුදියන්සේලාගේ අනුර වසන්ත බණ්ඩාර නැමති පොල්පිතිගම ප්රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වන පොලිස් සැරයන් වරයෙකි.
සැකකරු සංතකයේ තිබී හෙරොයින් ග්රෑම්405යි මිලිග්රෑම් 215ක් පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ සැරයන් සම්පත් මහතාට පෞද්ගලික ඔත්තුකරු වෙකුගෙන් ලද තොරතුරක් අනුව 30 ස් වනදා උදෑසන සිදුකල වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකාර පොලිස් සැරයන් වරයා සමඟ එම කුලී නිවසේ සිටි තවත් සැකකරු වෙකුද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
දඩල්ලගේ අජිත් කුමාර නොහොත් චූනා යන අන්වර්ථ නමින් හදුන්වන මත්ද්රව්ය ජාවාරමේ නිරත මෙම පුද්ගලයා විසින් කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ අංක 4/A දරණ නිවස කුලීපදනම මත ලබාගෙන ඇති අතර පොලිසිය නිවස වටලන අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටි දෙවන සැකකරු වන චූනාද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 106යි මිලිග්රෑම් 300ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකාර පොලිස් සැරයන් වරයා මීට ඉහත 2013 වසරේ සිට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවයේ නිරතව සිට ඇති අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී උඩප්පුව පොලිසියට ස්ථාන මාරුවක් ලැබිමෙන් පසු එම පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇත.
රත්මලානේ අංජු, දෙමටගොඩ දිළුම්, මෝදර ධනුෂ්ක, යන විදෙස්ගත මත්ද්රව්ය ජාවාරම් කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් සිටින පොලිස් සැරයන් වරයෙකු ලෙස හදුනාගෙන ඇති මෙම පොලිස් සැරයන් වරයා දහවල් කාලයේ පොලිසියේ රාජකාරි කර සවස් කාලයේදී මත්ද්රව්ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිට ඇත.
කුසුම් එස් හැන්නදි







