හේමසිරි-ජූජිත් විරුද්ධව ආයෙත් නඩු..!

පාස්කු ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුකරය විභාග කිරීම සඳහා නව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා පසුගිය18දා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් ප්රකාශ කර ඇත්තේ මෙම නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මණ්ඩලයක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

මීට පෙර මෙම නඩුව විභාග කළ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළ අතර එහිදී එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී විත්තිවාචක කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීම වැරදි බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව මෙම නඩුව නැවත විභාග කර විත්තිවාචක කැඳවා අලුතින් තීන්දුවක් ලබා දෙන ලෙස ශ්රේෂ්ඨාධිකරණය මහාධිකරණය වෙත නියෝග කළ අතර ඒ අනුව නඩුව යළි කැඳවා ඇත.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website