දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු කමිටුව හමුවට

ධූරයෙහි කටයුතු කිරීම අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම ක්රියා කලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටියේය.
මාතර W15 හෝටලයට වෙඩි තැබීමට තමාට කිසිදු අවශ්යතාවයක් නොතිබූ බවත් හෝටලයේ හිමිකරු ගෙනැවිත් තමා සමඟ පුද්ගලික තරහක් තිබුණේ ද යන්න ඔහුගෙන් විමසා සිටින ලෙසත් …..මේ සියලුම චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල වූ ඒවා බවත් පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්රකාශකර සිටියේය.
එලෙසම ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් මසකට එක්ලක්ෂ පණස්දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමේදී, ක්රිකට් ආයතනය සමඟ තමා සමීපව කටයුතු කළ බවත් ඒ සමීප බව හමුවේ එම ආයතනයේ විශේෂ…..?.? ආරක්ෂක උපදේශක තනතුර මාසිකව රුපියල් දෙලක්ෂ පණස් දහසක වැටුපකට බාර ගන්නා ලෙසත් ඔවුන් යෝජනා කළ බවත්, නමුදු රැකියා දෙකක නිරත වීම තමාට කළ නොහැකි බැවින් එම යෝජනා ප්රතික්ෂේප කළ බවත් හෙතෙම කමිටුව හමුවේ කියා සිටියේය.
අවසානයේ, තමා මෙම කමිටුව කෙරෙහි දැඩිව විශ්වාස කරන අතර සාධාරණ තීන්දුවක් ලැබිය යුතු මෙම සිදුවීමෙහි සත්ය අසත්යතාවය ඉතිහාසයේ ලියැවෙනු ඇති බවත් ඔහු අවධාරණයකර සිටියේය .

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website