ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියට ඇපත් නෑ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්ය විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්න
ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබේ.
එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ස්නායු ශල්ය උපකරණ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගැනීමට සැලැස්වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත ව සිටි ශ්රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්ය විශේෂඥ වෛද්යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ රුපියල් 17,500/-ක මුදලකට රෝහලින් මිලදී ගත හැකි ශල්ය උපකරණයක් රුපියල් 150,000/- සිට 250,000/- දක්වා මුදලකට සැකකාර වෛද්යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර ඇති බව අනාවරණය වී තිබෙන බවයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website