මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන් 4කට ඇප

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නීතියට පටහැනි වන ලෙස ලියා පදිංචිකර තිබු මෝටර් රථයකට අංක තහඩුවක් නිකුත් කිරීමට අනුමැතිය ලබා දුන් වරදට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ ඇතුළු 4ක් අද ඇප මත මුදා හැරිණ.
අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.
තිදෙනෙකුට රුපියල් මිලියනය බැගින් ශරීර ඇප දෙකක් ද එක් අයකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් ද මත සැකකරුවන් මුදා හැරීමටත් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් මහෙස්ත්රාත්වරිය නියෝගකර ඇති බව සඳහන් වේ.
නඩුව යළි නොවැම්බර් 14 වැනිදා කැඳවීමට නියමිතය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website