රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්

රජයේ වෛද්ය නිලධාරි සංගමය විසින් හදිසියේම මාධ්ය නිවේදනයක් නිකුත් කොට ඇත.
එහි සඳහන්ව ඇත්තේ, රට පුරා දැනට පවතින ඖෂධ හිඟය නිසා රෝගී සත්කාර සේවාවට දැඩි බලපෑම් ඇති වෙමින් තිබෙන බවය.
රජයේ සහ සෞඛ්ය අමාත්යාංශයේ අත් හළ නොහැකි වගකීම වන්නේ රෝහල්වලට ගුණාත්මක ඖෂධ සැපයීමේ වගකීම බවත්, පැවැති රජයන්, සෞඛ්ය අමාත්යාංශයේ අක්රමිකතාවන් හේතුවෙන් එම වගකීම හරිහැටි ඉටු නොකළ බවත්, පවතින රජයේ ද එම දුර්වලතාවය සහ අඩුපාඩුව දිගින් දිගටම සිදුවන බවත් වෛද්ය නිලධාරීන් ප්රකාශ කළහ.
එලෙසම වෛද්ය උපකරණ සහ මෙම ඖෂධ හිඟතාවය නිසා මුළු වෛද්ය පද්ධතියම තද අනතුරකට පත්ව ඇති බවත් පවසන ඔවුන් මෙහි සම්පූර්ණ වගකීම සෞඛ්ය අමාත්යාංශය බාර ගත යුතු බව ද වැඩි දුරටත් ප්රකාශකර සිටියහ.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website