කෙහෙළිය ඇතුළු පවුලට අධි චෝදනා

කොළඹ මහාධිකරණය හමුවේ අද (17 ) හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණා ඇතුළු පවුලේ අයට අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ
චෝදනාවට එරෙහිව අධි චෝදනා බාර දී තිබෙනවා.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබු අධි චෝදනා පත්ර භාර දීම
සිදු වූ බවයි සඳහන් වන්නේ.
එලෙසම රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන් මුදා හැරීමටත්, විදේශ ගමන් තහනම් කිරීමත් සිදු වූ අතර එම බල පත්ර අධිකරණය භාරයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියෝගකර තිබෙන බව සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website