පාසැල් සිසුවියන් අතර ගැබ් ගැනීමේ ප්රවණතාව ඉහළ ගොස් ඇති බව නීරීක්ෂනය වී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා පෝල් රාජ් ඊයේ පැවති මාධ්ය හමුවකදී පැවසීය
අධ්යාපන අමාත්යාංශය සමඟ සාකච්ඡා කොට නව යොවුන් පාසැල් දැරියනට ලිංගිකත්වය පිළිබඳව පරිපූර්ණත්වයට පත් දැනුමක් ලබා දිය යුතු බව ද අමාත්යවරිය
මෙහි දී අවධාරණය කළාය.
එලෙසම ගැබ් ගැනීම වළක්වාලීමට අවැසි විද්යාත්මක ක්රම වේද අනුගමනය කරන ලෙසත්, බිහිවන දරුවන් අනාථ හෝ අත් හළ භාවයට පත්කර වින්දිත දරුවන් හැටියට සමාජ ගත කිරීමෙන් වලකින ලෙසත් ඇය මෙහි දී වැඩි දුරටත් සඳහන්කර සිටියාය.
දමයන්ති









E-Paper