යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර සමඟ ඔහුගේ බිරිඳගේ (44) සහ දියණියගේ (17) මළ සිරුරු යහලතැන්න ප්‍රදේශයේ නිවෙසක තිබී සොයා ගෙන ඇත.
ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ මරණය දිවි නසා ගැනීමක් බවත් බිරිඳගේ සහ දියණියගේ මරණවලට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
Soco නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇති බවත් ඉන් අනතුරුව මරණ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් වැඩ් දුරටත් සඳහන් කොට ඇත.
දමයන්ති








E-Paper