ලොකු පැටී යළි රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය අද (01) නියෝග කොට ඇත.
මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
සැකකරු බෙලරූස් රාජ්යයේ අත්අඩංගුවේ පසු වූ අතර දිවයිනට රැගෙන ආවේ මැයි මස 4 වැනිදා ය. දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.
දින 90ක් සැකකරු රඳවාගෙන ප්රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website